Tuesday, November 12, 2019

අන්තර්ජාලය හරහා පාලනය වන ස්වංක්‍රීය මාළු ටැංකි පාලන පද්ධතිය (IOT)

ගොඩක් අය විනෝදයට  සුරතල් මසුන් ඇති කිරීමට ආශාවක් දක්වනවා. මාළු ටැංකියේ පිහිනා යන මසුන් දෙස බලාසිටීමෙන් මනසට යම් කිසි සහනයක් ලබාදීමට හැකියාවක් තිබීම එයට හේතුවක් වෙනවා ඇති. ඒත් හැමදාම මාළු ටැංකියට හැමදාම lights on off කිරීම කෑම දැමීම තරමක් කම්මැලි වැඩක්. මේක  automate කරගන්න පුළුවන් නං අපේ එදිනෙදා කරන වැඩ වලින් මාළු ටැංකිය නඩත්තු කරන වැඩේ අයින් කරන්න පුළුවන්.

මම assemble කරපු මෙම පද්ධතිය කොටස් තුනකින් සමන්විතයි



  1. Feeding Mechanism
  2. Micro-controller and electronic components
  3. Software and cloud services

Feeding Mechanism

මෙය ආකිමිඩිස් ස්කුරුප්පුවක් ආධාරයෙන්   බෝතලේ ඇති මාළු කෑම ටැංකි යට වැටීමට සලස්වන්න පුළුවන් උපකරණයක්. මේ සඳහා අවශ්‍ය වන  3D model එක්ක thingiverse සයිට් එකෙන් හොයාගන්න පුළුවන් වුණා. 3D ප්‍රින්ටරයක් මගින් මෙයා print කරගත්ත. මාළු කෑම ගබඩාකර තබා ගැනීමට සාමාන්‍ය ප්ලාස්ටික්  වතුර බෝතලයක් තමයි යොදා ගත්තේ. මෙම ස්කුරුප්පු කැරකීම සඳහා 3V වලින් ක්‍රියාත්මක වන geared DC මෝටරයක් පාවිච්චි කරා.




Link for 3D model - Fish Feeder Model


 3D printer used - Creately Ender 3


Micro-controller and electronic components



මේ සඳහා මම  arduino IDE  එකෙන් program කරන්න පුළුවන්  NodeMCU Microcontroller (ESP8266) යුනිට් එක පාවිච්චි කරා. මෙය අන්තර්ජාලයෙන් ඩොලර් දෙක තුනකට ඔබට නිවසටම ගෙන්වා ගන්න පුළුවන්. Feeding unit  එකේ තියෙන DC motor එක control කරන්න ld293d IC එක පාවිච්චි කරා. Lights on off කරගැනීමට මම 5v 2 way relay module එකක් use කරා.







පහලින් සර්කිට් එක බලාගන්න පුලුවන් .

Parts:

Software and cloud services

ඉන්ටර්නෙට් එකේ free  ලබාදෙන සේවාවක් තමයි remote me site එකෙන්  ලබා දෙන්නේ. මෙය පහසුවෙන් අන්තර්ජාලය තුලින් ඔබගේ නිවසේදී උපකරණ  control කරන්න පුළුවන් ක්‍රමයක්.මුලින්ම මේ සයිට් එකට ගිහිල්ලා Sign up  වෙන්න ඕනේ. 



බොහොමයක් අන්තර්ජාලය හරහා පාලනය වන උපකරණ වල කෙරෙන දෙයක් තමයි ඉන්ටර්නෙට් එකේ තියන variable එකක් බලාගෙන තමන්ට කරන්න ඕන වැඩි කරන එක. මේකෙත්  lights on off කරන්න ඕනි boolean variable එක හා මාලුන්ට කෑම දාන්න ඕනි integer variables මේ remoteme site එකේ තමයි තියෙන්නේ

මුලින්ම මාලුන්ට කෑම දාන්න ඕන තප්පර ගණන තියාගන්න Integer variable  එකක් හදාගන්න ඕන. (Fish_Feeder). Variables > Add New


මේ විදිහටම lights on/off (relay) කිරීමට boolean variable එකක් හදාගන්න ඕනේ. මම ඒක Relay_1 කියල නම් කරා. තව Fish_Feeder කියල Numeric variable (for number of seconds) එකක් හැදුවා.



ඊට පස්සේ device එකක් හදාගන්න ඕනේ .මේකට වම් පැත්තෙ තියෙන පැනල් එකෙන් devices තෝරලා New network device එක click කරන්න



මේකේ ටයිප් එක Arduino තොරන්න. නම තමන් කැමති නමක් දෙන්න පුලුවන්. Submit button එක click 
කරාට පස්සේ මේ device එක list එකේ තියෙනවා. Microcontroller  code එකෙන්
බාගයක් (Code Template) අපිට code generation wizard එකෙන් හදාගන්න පුළුවන්

Wizard එකේ screenshots පහලින්










මේ code එක nodemcu ඒකට ‌flash කරගන්න. (Using Arduino IDE)

දැන් ‌කලින් හදපු variables වලට values set කරන්න web hooks හදාගන්න ඹ්නි. කලින් variables section එකට ගිහින් hamberger icon එක click කරන්න.





මේ webhook එකට post request එකකිිිින් variables ‌‌ව‌ෙනස් කරල  lights on/off (relay) කිරීමට තව Fish_Feeder එක run කිරීමට පුලුවන්






මේ සදහා IFTTT with google assitant ‌‌හරි Apple Shortcuts Apps පහසුවෙන් පාවිච්චි කරන්න පුලුවන්

Tuesday, November 11, 2014

Custom Firmware භාවිතයෙන් ඔබේ Canon කැමරාවෙන් සුපිරි වැඩ ගන්න(using Cannon Hack Development Kit-CHDK)

මොකද්ද මේ CHDK?
මේක  Cannon Digital කැමරාවක් Hack කරල කරන්න පුලුවන් සියලුම වෙනස්කම් කරල photo ,video ගන්න පුලුවන් විධියට හදල තියන open source software 1ක්.
මොන වගේ කැමරා වලටද මේක දාන්න පුලුවන්?
මේ තියෙන්නෙ list 1 http://mighty-hoernsche.de/
පල්ලෙන් තියෙන්නෙ මේකෙන් කරන්න පුලුවන් දේවල්
  • RAW file වලින් save කරගැනීම (ගොඩක් කට්ටිය ගාව තියන Point and Shoot එහෙම නැත්තම් Compact කැමරාවලින් photo save වෙන්නෙ JPG වලින්. RAW file format එකේ තියන වාසිය තමයි Photoshop වගේ එකකින් photo එකට ගොඩක් වෙනස් කම් කර ගන්න පුලුවන් වීම)
  • Motion Detection – අකුණුවල එහෙම photo මේකෙන් ගන්න පුලුවන්.http://chdk.wikia.com/wiki/Motion_Detection
  •  
  • HDR(High Dynamic Range) Photo ගන්න script run කරන්න පුලුවන්
  • http://chdk.wikia.com/wiki/Samples:_HDR
  • Time Lapse – දවසෙම වෙන දේවල් විනාඩි ගනකින් විඩියෝ කරන්න පුලුවන් විධියට කැමරා එක program කරනනත් පුලුවන්
  • මේ මම ගත්ත 1st time lapse video 1 :D


  • High Speed Shutter
  • USB shutter button එකක් පාවිච්චි කරන්න පුලුවන්
  • Scripting පුලුවන් හින්ද අපිට ඹ්නි වැඩක් කරගන්න ලේසියෙන් පුලුවන්
  • default games, file browser, calender text editor එහෙමත් එනවා තව add කරන්නත් පුලුවන්
ඉස්සෙල්ලාම කියන්න තියෙන්නෙ කැමරාව ගැන බය වෙන්න කිසිම දෙයක් නෑ.Firmware කියල කිව්වට තියන firmware එකට කිසිම දෙයක් කරන්නෑ. එකත් එක්කම උඩින් මේ software 1 run වෙන 1 විතරයි වෙන්නෙ.SD card එකට විතරක් දාන හින්ද ඕන වෙලාවක අයින් කරල කලින් තිබ්බ විදියටම කැමරාව පත්කරගන්න පුලුවන්. :D
මෙන්න link එක කරන්න තියන ඒවා step by step තියනවා හරිම ලේසියි.