Tuesday, November 12, 2019

අන්තර්ජාලය හරහා පාලනය වන ස්වංක්‍රීය මාළු ටැංකි පාලන පද්ධතිය (IOT)

ගොඩක් අය විනෝදයට  සුරතල් මසුන් ඇති කිරීමට ආශාවක් දක්වනවා. මාළු ටැංකියේ පිහිනා යන මසුන් දෙස බලාසිටීමෙන් මනසට යම් කිසි සහනයක් ලබාදීමට හැකියාවක් තිබීම එයට හේතුවක් වෙනවා ඇති. ඒත් හැමදාම මාළු ටැංකියට හැමදාම lights on off කිරීම කෑම දැමීම තරමක් කම්මැලි වැඩක්. මේක  automate කරගන්න පුළුවන් නං අපේ එදිනෙදා කරන වැඩ වලින් මාළු ටැංකිය නඩත්තු කරන වැඩේ අයින් කරන්න පුළුවන්.

මම assemble කරපු මෙම පද්ධතිය කොටස් තුනකින් සමන්විතයි



  1. Feeding Mechanism
  2. Micro-controller and electronic components
  3. Software and cloud services

Feeding Mechanism

මෙය ආකිමිඩිස් ස්කුරුප්පුවක් ආධාරයෙන්   බෝතලේ ඇති මාළු කෑම ටැංකි යට වැටීමට සලස්වන්න පුළුවන් උපකරණයක්. මේ සඳහා අවශ්‍ය වන  3D model එක්ක thingiverse සයිට් එකෙන් හොයාගන්න පුළුවන් වුණා. 3D ප්‍රින්ටරයක් මගින් මෙයා print කරගත්ත. මාළු කෑම ගබඩාකර තබා ගැනීමට සාමාන්‍ය ප්ලාස්ටික්  වතුර බෝතලයක් තමයි යොදා ගත්තේ. මෙම ස්කුරුප්පු කැරකීම සඳහා 3V වලින් ක්‍රියාත්මක වන geared DC මෝටරයක් පාවිච්චි කරා.




Link for 3D model - Fish Feeder Model


 3D printer used - Creately Ender 3


Micro-controller and electronic components



මේ සඳහා මම  arduino IDE  එකෙන් program කරන්න පුළුවන්  NodeMCU Microcontroller (ESP8266) යුනිට් එක පාවිච්චි කරා. මෙය අන්තර්ජාලයෙන් ඩොලර් දෙක තුනකට ඔබට නිවසටම ගෙන්වා ගන්න පුළුවන්. Feeding unit  එකේ තියෙන DC motor එක control කරන්න ld293d IC එක පාවිච්චි කරා. Lights on off කරගැනීමට මම 5v 2 way relay module එකක් use කරා.







පහලින් සර්කිට් එක බලාගන්න පුලුවන් .

Parts:

Software and cloud services

ඉන්ටර්නෙට් එකේ free  ලබාදෙන සේවාවක් තමයි remote me site එකෙන්  ලබා දෙන්නේ. මෙය පහසුවෙන් අන්තර්ජාලය තුලින් ඔබගේ නිවසේදී උපකරණ  control කරන්න පුළුවන් ක්‍රමයක්.මුලින්ම මේ සයිට් එකට ගිහිල්ලා Sign up  වෙන්න ඕනේ. 



බොහොමයක් අන්තර්ජාලය හරහා පාලනය වන උපකරණ වල කෙරෙන දෙයක් තමයි ඉන්ටර්නෙට් එකේ තියන variable එකක් බලාගෙන තමන්ට කරන්න ඕන වැඩි කරන එක. මේකෙත්  lights on off කරන්න ඕනි boolean variable එක හා මාලුන්ට කෑම දාන්න ඕනි integer variables මේ remoteme site එකේ තමයි තියෙන්නේ

මුලින්ම මාලුන්ට කෑම දාන්න ඕන තප්පර ගණන තියාගන්න Integer variable  එකක් හදාගන්න ඕන. (Fish_Feeder). Variables > Add New


මේ විදිහටම lights on/off (relay) කිරීමට boolean variable එකක් හදාගන්න ඕනේ. මම ඒක Relay_1 කියල නම් කරා. තව Fish_Feeder කියල Numeric variable (for number of seconds) එකක් හැදුවා.



ඊට පස්සේ device එකක් හදාගන්න ඕනේ .මේකට වම් පැත්තෙ තියෙන පැනල් එකෙන් devices තෝරලා New network device එක click කරන්න



මේකේ ටයිප් එක Arduino තොරන්න. නම තමන් කැමති නමක් දෙන්න පුලුවන්. Submit button එක click 
කරාට පස්සේ මේ device එක list එකේ තියෙනවා. Microcontroller  code එකෙන්
බාගයක් (Code Template) අපිට code generation wizard එකෙන් හදාගන්න පුළුවන්

Wizard එකේ screenshots පහලින්










මේ code එක nodemcu ඒකට ‌flash කරගන්න. (Using Arduino IDE)

දැන් ‌කලින් හදපු variables වලට values set කරන්න web hooks හදාගන්න ඹ්නි. කලින් variables section එකට ගිහින් hamberger icon එක click කරන්න.





මේ webhook එකට post request එකකිිිින් variables ‌‌ව‌ෙනස් කරල  lights on/off (relay) කිරීමට තව Fish_Feeder එක run කිරීමට පුලුවන්






මේ සදහා IFTTT with google assitant ‌‌හරි Apple Shortcuts Apps පහසුවෙන් පාවිච්චි කරන්න පුලුවන්

2 comments:

  1. Elane.okatama water temperature controler ekakuth add karanna

    ReplyDelete